හිරගෙදර නිසා ‘ළඟ ගෙදර ඇමති’ වෙලේ දුවයි

සිරකරුවන් විසින් ජංගම දුරකතන භාවිතය වැළැක්වීම සදහා අගුණකොළපැලැස්ස සිරගෙදර ස්ථාපිත කර ඇති සන්නිවේදන බාධක යන්ත්‍ර හෙවත් ‘ජෑමර්’ මුල්කරගෙන අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ දිනවල මහත් අපහසුතාවයකට මුහුණ දී ඇති බව වාර්තා වනවා.

මේ සංඥා බාධක මුල්කරගෙන අගුණකොළපැලැස්ස බන්ධනාගාරය අසල ඉදිකර ඇති අමරවීර මහතාගේ නව නිවෙසේ දුරකතන සංඥාවලටද බාධා එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.

එමනිසා අත්‍යවශ්‍ය ඇමතුමක් පැමිණියද අමරවීර මහතාට ඊට පිළිතුරු ලබා දීම සදහා නිවෙස අසල ඇති වෙල්යායට දිවයාමට සිදුව ඇති බව වාර්තා වනවා.

මෙම අපහසුතාව සම්බන්ධයෙන් අමරවීර අමාත්‍යවරයා බන්ධනාගාර බලධාරීන් දැනුවත් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *