අරගලය තුලින් රට ස්ථාවර වීමේ පසුබිම සැකසෙනවා

අරගලය තුලින් රට ස්ථාවර වීමේ පසුබිම සැකසෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම් මහතා පවසයි.
අද 13 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් කුමාර් ගුනරත්නම් මහතා බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුනරත්නම්

පහුගිය ජූලි 09 වෙනිදා ලංකා ඉතිහාසයේ බොහොම ඓතිහාසික සන්ධිස්ථානයක් සලකුනු කරමින් මේ රටේ පාලනයේ හිටපු ජනතා විරෝධී පාලකයාව විධායක ජනාධිපතිවරයාව ධුරයෙන් පහ කිරීම සඳහා මේ රටේ ජනතාව දශලක්ෂ ගණනක් කොළඹට එකතුවෙලා ජනාධිපති මන්දිරය ජනාධිපති ලේකම් කාර්යාලය වටලලා බොහොම අවිහිංසා අරගලයක් හරහා ඉතාම සටන්කාමී අරගලයක් හරහා දැවැන්ත දේශපාලන පණිවිඩයක් දුන්නා.

කතානායකවරයා හරහා ජනාධිපතිවරයා දැනුම් දුන්න දහතුන් වැනිදා ඉල්ලා අස් වෙනවා කියලා.

ඔවුන්ගේ බල සුදවේ තියෙන අතීත අත්දැකීම ඔවුන්ගේ සංස්කෘතික භාවිතය අනුව අපිට තියෙන අත්දැකීම් අනුව අපි කිව්වා මේක ගැන අපිට සැක සහිතයි.

අපි මේ ගැන විමසිලිමත්ව ඉමු කියලා අපි කිව්වා.

ජුලි 09 වෙනිදා අපේ දැවැන්ත ඉවසීම තුළ තිබුණු පෞර්ෂය තියාගමු මේගොල්ලෝ විවිධ වූ උත්සාහයන් දරාවි ප්‍රකෝප කිරීම සඳහා.

මේගොල්ලෝ මේ හදිසි නීතිය ඇඳිරි නීතිය පාවිච්චි කරනවා. ආරක්ෂක අංශ වලට අපි කියනවා මේ ඔබේ දරුවාගේ අරගලය මේ ඔබේ බිරිඳගෙ මේ ඔබේ මවගේ අරගලය මේ අරගලයේ නිරත ජනතාවට හදිසි නීති ඇඳිරි නීති වලින් පනවලා තියෙන නියෝග අනුව කටයුතු කරන්න යන්න එපා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා 2019 නොවැම්බර් වල ලබාගත්තු ජනවරම අහෝසි වෙලා ඉවරයි. තුනෙන් දෙකේ පාර්ලිමේන්තු වක් හිමි වෙච්ච පොදුජන පෙරමුණේ ආණ්ඩුවට ඔවුනට සහාය දීපු කණ්ඩායම් වලට තිබුන ජනවරම අවසන්.

ජන අරගලයට සහාය දැක් වෙන විදිහේ ජන අරගලයට බාධා නොවන විදිහේ සම්මුතියකට යාම සඳහා පාර සකස් කරන එක, මොනම ආකාරයක වත් රනිල් වික්‍රමසිංහගේ ගෝඨාභය රාජපක්ෂගේ එහෙම නැතිනම් බැසිල් රාජපක්ෂ ලාගේ උපක්‍රමවලට ඔවුන්ගේ කුමන්ත්‍රණ වලට අහු නොවී ඉන්න එක.

ඒක අපි වගකීමෙන් ඉල්ලා සිටිනවා.

මෙහෙම ගියොත් මේ රට අරාජිකත්වයට ගමන් කරනවා කියලා කියනවා නමුත් අපි දන්නවා මේ රට කවුද අරාජික කළේ කියලා. රාජපක්ෂ පාලනය රාජපක්ෂවාදය පොදුජනපෙරමුන පාලනය නිසා රට ආර්ථික වශයෙන් බරපතල විනාශයකට ගියා අරාජික වුණා.

අරගලය නිසා රට අස්ථාවර වෙනවා නෙමෙයි රට ස්ථාවර වීම සඳහා අවශ්‍ය පසුබිම තමයි අරගලය තුලින් සැකසෙන්නේ.

අරගලය කියන්නේ ජන අනුමැතිය ලත් ක්‍රියාවලිය.

ජනතාවගෙන් ඉල්ලන්නෙ අරගලය දශමයකින් වත් පස්සට දාන්න ඕන නෑ

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *