ජනාධිපති ඉල්ලා අස්වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත යොමු කර තිබෙනවා.
ඔහු සිංගප්පූරුවට ළගාවීමෙන් අනතුරුව ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන බවටයි ප්‍රකාශකර තිබුණේ.

කථානායකවරයා මීට පෙර ප්‍රකාශ කළේ 13 වැනිදා රාත්‍රී 12ට පෙර අදාල ඉල්ලා අස්වීමේ ලිපිය ලබාදෙන බවට ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂල ජනාධිපති ආර්යාව සහ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ඊයේ අලුයම මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින්.

ජනාධිපතිවරයා ඇතුළු පිරිස මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා යාමට බලාපොරොත්තුවෙන් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූනද, ඊයේ දිනය තුලදී එම කාර්යය සාර්ථක කරගැනිමට හැකිවී නැහැ.

මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා ගුවන් යානා දෙකක් ඊයේ රාත්‍රියේ ගුවන් ගත වී තිබුණත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස ඒවායෙහි ගමන් කර තිබුණේ නැහැ.

ඔහු සිංගප්පූරුවට ගොඩබැසීමෙන් පසුව සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට ලැබීමට සලස්වන බවද මීට පෙර වාර්තා වුණා.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවට ඇතුලු වීමට අවස්ථාව ලබාදී ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බව එරට විදේශ අමාත්‍යංශය පවසනවා.

ඔහු සරණාගත භාවය ඉල්ලා නොමැති අතර වෙනත් කිසිදු ආරක්ෂාවක් ද ලබාදී නොමැති බවයි එම අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ.

සාමාන්‍යයෙන් සිංගප්පූරුව සරණාගත ඉල්ලීම්වලට අවස්ථාව ලබා නොදෙන රටක් ලෙසට සැලකෙනවා.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අද පස්වරුවේ මාලදිවයිනේ සිට සිංගප්පූරුවට ළඟා වූණා.

ගෝඨාභය රාජපක්ෂ, ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගේ ආරක්ෂකයින් දෙදෙනෙක් සෞදියා ගුවන් සේවයේ යානයේ සිටි බවයි ගුවන් තොටුපල නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම ඔහු මාලදිවයිනට යාම සම්බන්ධයෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් විසින් සාකච්ඡා කර ඇති බව ද එම වාර්තා පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *