පාස්පෝට් නිකුත් කිරීම නතර කරයි

විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට පවතින අධික ඉල්ලුම හේතුවෙන් ආරම්භ කළ මාර්ගගත ක්‍රමයට දිනයක් වේලාවක් වෙන්කර ගෙන ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමය මේ වන විට අත්හිටුවා තිබෙනවා.

මීට හේතුව වී ඇත්තේ කලින් දිනයක් හා වේලාවන් වෙන්කර ගැනීමේ පහසුකම ඔක්තෝබර් මාසය දක්වා සම්පූර්ණ වී ඇති බැවිනි. මීළඟ දින ලබා දීමේ හැකියාව පවතින්නේ නොවැම්බර් මාසයේ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මේ ක්‍රමය යටතේ දිනකට ගමන් බල පත්‍ර 1000ක් පමණ නිකුත් කරන අතර දිනකට ගමන් බලපත්‍ර 4000ක් පමණ ඇයැදුම් කරන බව දෙපාරතමෙන්තුවේ නිලධාරීන් පවසයි. නමුත් පසුගිය 18 වැනිදා මෙම ප්‍රමාණය 4700ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වන විට දැඩි තදබදයක් තිබුණද එළැඹෙන නොවැම්බරයේ සිට මෙම තත්ත්වය පහව යනු ඇතැයි තමා විශ්වාස කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අංශයේ පාලක එච්.පී. චන්ද්‍රලාල් මහතා සඳහන් කරයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *