ගෝඨාභය නවාතැන් ගත් හෝටලයේ රාත්‍රියක වියදම ඩොලර් 5900 – 8700ත් අතර

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ රැදී සිටි කාලයේදී මාලදිවයිනේ සුප්‍රසිද්ධ Waldorf Astoria Ithaafushi නම් මහා පරිමාණ හෝටලයේ නවාතැන්ගෙන ඇති බව මාලදිවයිනේ මාධ්‍ය වාර්තා කරයි. ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන මොහොමඩ් අලි ජානාට මෙම හෝටල් ජාලය අයත් වෙයි.

ඔහු මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්ගේ සමීපතමයෙකි. මෙම හෝටල් ජාලයේ මාලදිවයින් කාර්ය මණ්ඩලය ජනපතිවරයා එම හෝටලයේ රැදී සිටින බවට තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් ජනපතිවරයා එහි රැදි සිටීම පිළිබඳ එම කාර්ය මණ්ඩලය අප්‍රසාදය පළ කර ඇත.

මෙම හෝටල් ජාලයෙහි රාත්‍රියක් ගත කිරිම වෙනුවෙන් වැයවන මුදල ඇමෙරිකානු ඩොලර් 5,903 සහ ඇමෙරිකානු ඩොලර් 8,760 අතර මුදලක් වෙයි. මාලදිවයිනේ රජය තවමත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *