ලෝක ඉතිහාසයේ වේගවත්ම පන්දුව යැවුවේ ලංකාවේ පුංචි කොල්ලෙක් ද? (Video)

ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන තරුණ පාසල් ක්‍රීඩකයෙක් වන මතීෂ පතිරණ පිළිබඳව පළවූ පුවතක් සම්බන්ධයෙන් ක්‍රීඩා පිටියේ වඩාත් කතාබහට ලක්ව තිබෙනවා.

පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය හරහා ත්‍රිත්ව විද්‍යාලයට පැමිණි දකුණතින් වේගපන්දු යවන අවුරුදු 18ක් වන මතීෂ පතිරණ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේගවත්ම පන්දුව යවමින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්වූ බවයි එම පුවතින් කියවුණේ.

යොවුන් ලෝක කුසලානයේ ඉන්දියාවට එරෙහි ඊයේ පැවති තරගයේදී ඔහු පැයට කිලෝමීටර 175ක වේගයෙන් පන්දුවක් යවා ඇති බවයි එම පුවත් මගින් සඳහන් කළේ.

මීට පෙර වේගවත්ම පන්දුව යැවීමේ ලෝක වාර්තාව හිමිව තිබුනේ පාකිස්ථාන ක්‍රීඩක ෂොයිබ් අක්තාර්ටයි.

2003 වසරේ ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තයට එරෙහි තරගයේදී අක්තාර් පැයට කිලෝමීටර 161යි දශම 3ක වේගයෙන් පන්දුවක් යවා එම වාර්තාව පිහිටුවා තිබුනා.

කෙසේ නමුත් ඔහුගේ පන්දු යැවීම පැයට කිලෝ මීටර් 140ක් තරම් වේගයකින්වත් නොතිබූ බව ඇතැම් විදෙස් මාධ්‍ය පවසනවා.

අදාළ දර්ශන සහ පුවත් පහතින් දැක්වෙනවා.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.