ලෝක කුසලානයට ශිකර් ධවාන් නොමැති ඉන්දීය සංචිතයක් නම් කෙරේ

එළඹෙන ඔක්තෝබර් මස ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලිය සඳහා ඉන්දීය කණ්ඩායම සිය සංචිතය නම් කර ඇත. සංචිතයේ නායකත්වය සුපිරි ක්‍රීඩක විරාත් කෝලිටත් උපනායකත්වය අති දක්ෂ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මාටත් හිමි වී ඇත. එමෙන්ම ලොව පළමු විස්සයි විස්ස ලෝක කුසලානයේ ජයග්‍රාහී නායකයා වූ මහේන්ද්‍ර සිං දෝණිහටත් මෙම කණ්ඩායමේ තනතුරක් හිමි වී ඇත. ඒ ඉන්දීය සංචිතයේ උපදේශකවරයෙකු ලෙසයි.

රවිචන්ද්‍රන් අශ්වින්හටත් සංචිතයේ ස්ථානයක් හිමි වී ඇති අතර යුස්වේන්දර් චහල්හට අවස්තාවක් හිමි වී නොමැත.

ඉන්දීය සංචිතය,
විරාත් කෝලි (C)
රෝහිත් ශර්මා (Vc)
කේ.එල්. රාහුල්
සූර්යකුමාර් යාදව්
රිශාබ් පාන්ට්
ඉශන් කිශාන්
හර්දික් පාන්ඩ්‍යා
රවීන්ද්‍ර ජඩේජා
රාහුල් චහර්
රවිචන්ද්‍රන් අශ්වින්
අක්සාර් පටෙල්
වරුන් චක්‍රවර්ති
ජස්ප්‍රීත් බූම්රා
භුවනේශ්වර් කුමාර්
මොහොමඩ් සාමි

අමතර ක්‍රීඩකයින්,
ශ්‍රේයාස් අයියර්
ශර්දුල් තාකූර්
දීපක් චහර්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *